Home » T20 World Cup 2024 ‍‍‍ – ‍‍නැමීබියා කණ්ඩායමට සුපිරි ජයක්

T20 World Cup 2024 ‍‍‍ – ‍‍නැමීබියා කණ්ඩායමට සුපිරි ජයක්

by yasara
June 3, 2024 10:32 am 0 comment

මෙවර T20 ලෝක කුසලානයේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර අද (03) පැවති තරගයෙන් සුපිරි පන්දුවාරයක ජයක් හිමි කර ගැනීමට නැමීබියා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැමීබියා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 109ක් පමණයි.

ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නැමීබියා කණ්ඩායමටද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 109ක් පමණි.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු විය.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායම ලකුණු 21ක් රැස් කර ගත්හ.

ඕමාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 10ක් පමණි

ඒ අනුව තරගය සුපිරි පන්දුවාරයකින් ජයග්‍රහණය කිරීමට නැමීබියා කණ්ඩායම සමත්විය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT