265
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොෙළාන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල ඊයේ (03) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අවතැන් ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රාජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලීය. සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ තාවකාලිකව රඳවා සිටින ජනතාව මුණගැසුණු ජනාධිපතිවරයා ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ අයුරු.