කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් සහ කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කිරීමට පියවර ගැනේ. ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩු කර තිබෙන අතර මේ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3, 790ක් වේය. මින් පෙර ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල 3940ක් ව පැවැතිණි. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1, 522කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 28කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 712ක් වනු ඇත. ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 65කින් අඩු කර ඇති අතර එහි නව මිල 1477කි.
සුභාෂිණී සේනානායක