Saturday, May 10, 2025
Home » නාසා ආයතනයෙන් ඉන්දීය ගගනගාමීන්ට පුහුණුවක්

නාසා ආයතනයෙන් ඉන්දීය ගගනගාමීන්ට පුහුණුවක්

by sachintha
June 5, 2024 1:00 am 0 comment

අමෙරිකාවේ නාසා ආයතනයෙන් ඉන්දියාවේ ගගනගාමීන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නාසා ආයතනය සහ ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ඒකාබද්ධව සිදු කිරීමට නියමිත එම පුහුණුව ඉහළ මට්ටමේ වැඩසටහනක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය මේ වසරේදී පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

පසුගියදා ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාසෙටි බැංගලෝර් නුවරදී අමෙරිකා- ඉන්දීය වාණිජ අභ්‍යවකාශ සහයෝගිතා සමුළුවට එක්වෙමින් මේ බව සඳහන් කර ඇති අතර, ඉන්දීය ගගනගාමීන්ට පුහුණුවක් ලබාදීමට අමතරව අභ්‍යවකාශ ගවේෂණ හා චන්ද්‍රිකා දියත් කිරීම වැනි වැඩසටහන් ද ඒකාබද්ධව සිදු කිරීමට නියමිත බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

එම සමුළුව අතරතුර ඉන්දියාවේ අමෙරිකානු තානපතිවරයා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති එස්.සෝමනත් සමඟ අභ්‍යවකාශ සහයෝගිතාව ගැන සාකච්ඡා කර ඇතැයි ද, ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශය මෙහෙයුම පිළිබඳ ඇගැයීමට ලක් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT