Saturday, May 10, 2025
Home » දිනමිණ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල අබේරත්නගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

දිනමිණ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල අබේරත්නගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

by sachintha
June 5, 2024 1:00 am 0 comment

දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල අබේරත්න මහතාගේ ආදරණීය බිරිය වන එච්.එම්. නිර්මලා රංජනමාලි ගොඩමුනේ මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.

ඒ මහත්මිය උතුරු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ ධාවන කළමනාකාරිනිය ලෙසද කටයුතු කර තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂ බොරැල්ල ආසනන බල මණ්ඩලයේ හිටපු සභාපතිනියද වූවාය. ගොඩමුනේ මහත්මියගේ දේහය මේ වන විට අංගොඩ, හිඹුටාන, රුකඅත්තනගහවත්ත පාරේ පිහිටි අංක 314/22/A නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (6) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT