Saturday, May 10, 2025
Home » රජය ඡන්දය කල් දැමීමට පිඹුරුපත් සකසනවා

රජය ඡන්දය කල් දැමීමට පිඹුරුපත් සකසනවා

-මන්ත්‍රී ජී. එල්. පීරිස්

by sachintha
June 5, 2024 12:59 am 0 comment

නොයෙකුත් උපක්‍රම යොදමින් මැතිවරණ කල් දැමීමට රජය පිඹුරුපත් සකසමින් සිටින බවත්, එය පරාජය කිරීමට විපක්ෂය එකා මෙන් සටන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹ පෙරේදා (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තු සඳහා නීති සම්පාදනය කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවකට කිසිදු සාදාචාර සම්පන්න අයිතියක් නෑ. වර්තමාන රජයේ ආයු කාලය දින 120යි. තව දින 44කින් පසු ජනාධිපතිවරණය සම්බන්ධ සියලු වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වෙනවා.

මෑත කාලයේ සිදු වූ වීසා වංචාවෙන් සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වූණා. මෙය මහ බැංකු මංකොල්ලය සමඟ සමීප සමානකම් දැක ගත හැකියි. රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ජනමත විචාරණයක් පැවැත්වීමට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක වශයෙන් කිසිදු පදනමක් හිමි වන්නේ නෑ.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දින වකවානු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් හිමි වන්නේ නෑ. එහි මූලික කාර්යභාරය ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමි වෙනවා.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT