Home » ජනපති දේශපාලන කාර්යාලයේ වැඩ අරඹයි

ජනපති දේශපාලන කාර්යාලයේ වැඩ අරඹයි

by mahesh
June 7, 2024 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශීර්වාද පළ කළහ.

කාර්යාලය පිහිටුවීමේ මූලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂයේ නව මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි වැඩ ඇරැඹූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එජාප සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්ම මහත්මීහු ද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT