Saturday, May 10, 2025
Home » මුලතිව් සිට රාමේෂ්වරන් ගිය එකම පවුලේ 6ක් වෙරළාරක්ෂක අත්අඩංගුවේ

මුලතිව් සිට රාමේෂ්වරන් ගිය එකම පවුලේ 6ක් වෙරළාරක්ෂක අත්අඩංගුවේ

by mahesh
June 7, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මුලතිව් සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයට ගිය එකම පවුලේ සාමාජිකයින් හය දෙනකුව රාමේෂ්වරන් වෙරළාරක්ෂක නිලධාරින් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස වෙරළාරක්ෂක නිලධාරින්ට පවසා ඇත්තේ මුලතිව් පළාතේ ජීවත් වීමට නොහැකි නිසා සරණාගත කඳවුරකට ඇතුළුවීම සඳහා ඔවුන් ඉන්දියාවට පැමිණි බවයි.

නමුත් එම නිලධාරින් විසින් අසන ලද ප්‍රශ්නවලට එකම පවුලේ සාමාජිකයින් හය දෙනා ලබා දෙන ලද පිළිතුරු එකිනෙකට වෙනස් නිසා ඔවුන්ව රාමේෂ්වරන් පොලිසිය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ පුද්ගලයින් හය දෙනා සම්බන්ධයෙන් තොරතුරු සපයා දෙන ලෙස මේ වන විටත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දීමක් ඉන්දීය බලධාරින් විසින් සිදුකොට ඇති බවයි.

රාමේෂ්වරන් පොලිසිය විසින් මේ පුද්ගලයින් හය දෙනාව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කොට ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යයි.

මේ අතර මුලතිව් දිසාපති කාර්යලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මුලතිව් වැසියන්ට ජීවත් වීම සඳහා එතරම් විශල ප්‍රශ්නයක් නොමැති නිසා ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT