Home » සිංහ විශි­ෂ්ට­තම පුර­වැසි සම්මා­නය NSBM උප­කු­ල­ප­තිට

සිංහ විශි­ෂ්ට­තම පුර­වැසි සම්මා­නය NSBM උප­කු­ල­ප­තිට

by Gayan Abeykoon
June 11, 2024 1:25 am 0 comment

NSBM හරිත සර­ස­වියේ උප­කු­ල­පති මහා­චාර්ය ඊ. ඒ. වීර­සිංහ මහතා සමා­ජ­යට දක්වන සුවි­ශේෂී දාය­ක­ත්වය වෙනු­වෙන් 2024 සිංහ තිර­සර සම්මාන උලෙ­ළේදී වසරේ විශි­ෂ්ට­තම පුර­වැ­සි­යාට හිමි ගෞරව සම්මා­න­යෙන් පිදුම් ලැබීය. කොළඹ ගල­ධාරි හෝට­ල­යේදී සිංහ සමා­ජයේ 19 වැනි වාර්ෂික දිස්ත්‍රික් සමු­ළුව පැවැති අව­ස්ථාවේ ඉකුත් 9 දා මෙම සම්මා­නය ඒ මහ­තාට පිරි­නැ­මිණි. ඡායා­රූ­පය - සුලෝ­චන ගමගේ

ජාත්‍ය­න්තර සිංහ සමා­ජයේ මෙරට ශාඛා­වක් වන 306 A1 දිස්ත්‍රික් ශාඛාව විසින් Òසමා­ජ­යට දක්වන සුවි­ශේෂී දාය­ක­ත්වයÓ යන තේමාව යටතේ ශ්‍රී ලංකා­වට සුවි­ශේෂී මෙහෙ­යන්, අමිල සේවා­වන් හෝ ක්‍රියා­වන් සිදු කළ පුද්ග­ල­යන් සහ සංවි­ධාන හඳු­නා­ගෙන ඔවුන් ඇගැ­යී­මට මෙන්ම මෙම වසරේ විශි­ෂ්ට­තම පුර­වැ­සි­යාට හිමි ගෞරව සම්මා­නය ප්‍රදා­නය කෙරේ. ඒ අනුව මහා­චාර්ය වීර­සිං­හ­යන් විසින් මෙරට සමා­ජ­යට සහ එහි ප්‍රජා­වට ලබා­දුන් සුවි­ශේෂී බල­පෑම සහ තිර­සර දාය­ක­ත්වය වෙනු­වෙන් මෙම ගෞරව සම්මා­නය මහා­චාර්ය වීර­සිං­හ­යන් වෙත පිරි­නමා ඇත.  මහා­චාර්ය ඊ. ඒ. වීර­සිංහ මහතා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රය තුළ නවමු වෙන­සක් ඇති කළ පර­මා­දර්ශී නාය­ක­යෙක් ලෙස හඳු­න්වා­දිය හැකියි. ඔහුගේ දීර්ඝ වෘත්තීය ගමනේ මුල් අව­ධි­යෙහි වසර ගණ­නා­වක්ම ඔහු ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ සේවය කළ අතර ඔහු එහි ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස සහ අධ්‍ය­ය­නාංශ ප්‍රධා­නී­ව­ර­යෙක් ලෙස ද සේවය කර ඇත. 2005දී NIBM හි අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස පත්වී­මෙන් අන­තු­රුව ඔහුගේ නාය­ක­ත්ව­යෙන් එව­කට මෙහෙ­යුම් අලා­භ­යට පත්ව තිබූ එම ආය­ත­නය වසර පහක් වැනි කෙටි කාල­ය­කින් ලාභ ලබන ආය­ත­න­යක තත්ත්ව­ය­කට පත් කළේය. එසේම දිව­යින පුරා විසිරී සිටින දරු­වන්ගේ ප්‍රග­ම­නය උදෙසා NIBM ප්‍රාදේ­ශීය ශාඛා ජාලය සංව­ර්ධ­නය කළ අතර ගාල්ල සහ මාතර නගර කේන්ද්‍ර කර නව ශාඛා දෙකක් ද විවෘත කළේය. ඉන් අන­තු­රුව, මෙරට අධ්‍යා­පන තලය වෙනස්ම මඟ­කට යොමු කළ දූර­දර්ශී සංක­ල්ප­ය­කට පුරෝ­ගාමී වෙමින් 2016දී මහා­චාර්ය වීර­සිං­හ­යන් NSBM හරිත සර­ස­විය මෙර­ටට තිළිණ කිරී­මට මූලි­ක­ත්වය ගත්තේය. එතැන් පටන් NSBM හරිත සර­ස­වියේ නිය­මු­වන් ලෙස එය මෙහෙය වීමෙ­හිලා මහා­චාර්ය වීර­සිංහ මහ­තාගේ භූමි­කාව හරහා මේ වන­විට දස දහස් සංඛ්‍යාත සිසුන්ට සිය අභි­ලා­ස­යන් ජය­ග්‍ර­හණ බවට පත් කිරී­මට ඉව­හල් වී ඇත. එතු­මන් තිළිණ කළ NSBM හරිත සර­ස­විය ස්වයං මූල්‍ය ලෙස මෙහෙ­යුම් පවත්වා ගෙන දේශීය ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට උපාධි පර­පු­රක් දායාද කර ජාති­යට දැවැන්ත සේව­යක් සප­යයි. මේ වන විට 18,000කට වඩා වැඩි උපා­ධි­ධා­රීන් ප්‍රමා­ණ­යක් NSBM හරහා බිහිවී ඇති අතර, දැනට ද සිසුන් 13,000කට අධික සංඛ්‍යා­ව­කට අධ්‍යා­ප­නය ලබා දෙයි. එබැ­වින් මෙම ගෞරව සම්මා­නය මහා­චාර්ය වීර­සිං­හ­යන් අධ්‍යා­ප­න­යට සහ සමාජ ප්‍රග­ති­යට දැක්වූ නොසැ­ලෙන කැප­වීම, දුර­දක්නා චින්තන සහ ඉම­හත් දාය­ක­ත්වය සම්භා­ව­නා­වට පාත්‍ර කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT