Home » ඊශ්‍රා­යල යුද කැබි­නෙ­ට්ටු­වෙන් ඇම­ති­ව­ර­යෙක් ඉවත් වෙයි

ඊශ්‍රා­යල යුද කැබි­නෙ­ට්ටු­වෙන් ඇම­ති­ව­ර­යෙක් ඉවත් වෙයි

by Gayan Abeykoon
June 11, 2024 1:30 am 0 comment

ඊශ්‍රා­යල  අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ ගාසා තීරයේ පශ්චාත් යුද සැල­සුම සම්බ­න්ධව  උද්ගත වූ ගැට­ලු­වක් හේතු­වෙන් එරට යුද කැබි­නෙ­ට්ටුවේ ඇමැ­ති­ව­ර­යකු වූ බෙනී  ගාන්ට්ස් සන්ධාන රජ­යෙන් ඉවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා  ටෙල් අවීව් නුවර පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් බෙනී ගාන්ට්ස් ඔහුගේ ඉල්ලා  අස්වීම නිවේ­ද­නය කර ඇති අතර, සැබෑ ජය­ග්‍ර­හ­ණය වැළැ­ක්වී­මට අග­මැති නෙත­න්යාහු  කට­යුතු කරන බවට චෝද­නා­වක් ද එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රා­ය­ලයේ බලය  අත්කර ගැනී­මට පව­තින අභි­යෝ­ගය පිළි­බඳ සඳ­හන් කර­මින් මැති­ව­ර­ණය සඳහා දින­යක් නියම  කරන ලෙස ඔහු අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා  කළේය. අග­මැති නෙත­න්යා­හුගේ දේශ­පා­ලන ප්‍රති­වා­දියා වන බෙනී ගාන්ට්ස් ඊශ්‍රා­යල  ආර­ක්ෂක හමු­දාවේ හිටපු මාණ්ඩ­ලික ප්‍රධා­නියා ද වේ. පසු­ගිය වසරේ හමාස්  ප්‍රහා­රය එල්ල වන තුරු එරට විප­ක්ෂයේ සිටි බෙනී ගාන්ට්ස් හමාස් ප්‍රහා­ර­යෙන්  පසු අග­මැ­ති­ව­රයා සමඟ සන්ධා­න­ගත විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT