ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව පසුගිය වසර 10 තුළ විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි භූතානයේ අගමැති ට්ශෙරිං ටොබ්ගේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවාන් ජනාධිපති නිල නිවෙසේ පැවැති අගමැති මෝදිගේ සහ නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගි වෙමින් භූතාන අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දියාව පසුගිය වසර 10 ඇතුළත පෙර නොවූ විරූ අයුරින් ගුවන්තොටුපොළ, මහාමාර්ග, දුම්රිය මාර්ග සහ මුහුදු මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය කර ඇතැයි ද භූතාන අගමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ. අගමැති මෝදිගේ නායකත්වයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ ප්‍රතිපත්තිය බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය ජනතාවගේ පැහැදීම සහ විශ්වාසය තුළින් භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නැවත වරක් රජයක් පිහිටුවීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම සතුටට කරුණක් බවද භූතාන අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.