Home » බ්‍රිතා­න්‍ය­යට ඔත්තු සැපයූ විවා­හක යුව­ළක් චීනයේ

බ්‍රිතා­න්‍ය­යට ඔත්තු සැපයූ විවා­හක යුව­ළක් චීනයේ

by Gayan Abeykoon
June 11, 2024 1:20 am 0 comment

බ්‍රිතාන්‍ය  රජයේ ‘එම්අයි 6‘ බුද්ධි සේව­යට ඔත්තු සැප­යීම සඳහා සිය පුර­වැසි යුව­ළක් යොදාගත් බවට චීන රජය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ  සිවිල් ඔත්තු ඒජ­න්සිය භාරව සිටින එරට රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­න­යක්  නිකුත් කර­මින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විසින් චීන රජයේ ඔත්තු බැලී­මට  යොදා­ගත් බව කියන යුව­ළක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බවය.

චීනය එම  චෝද­නාව එල්ල කරනු ලැබුවේ පසු­ගි­යදා හොංකොං බුද්ධි සේවය වෙනු­වෙන් ඔත්තු බැලූ  බවට එරට පුර­වැ­සි­යන් තිදෙ­නකු සහ චීනය වෙනු­වෙන් ඔත්තු බැලූ බවට පාලක  කන්ස­ර්වේ­ටිව් පක්ෂයේ මන්ත්‍රී­ව­ර­ය­කුගේ හිටපු පර්යේ­ෂණ නිල­ධා­රි­යකු ඇතුළු  දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් සති කිහි­ප­ය­කට පසු­වය.

ඔත්තු බැලීමේ  චෝද­නා­වට විවා­හක යුව­ළක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බවත්, ඔවුන් බ්‍රිතා­න්‍යයේ  එම්අයි6 බුද්ධි සේව­යට තොර­තුරු සැපැයූ බවට තොර­තුරු වාර්තා වී ඇති බවත් චීනයේ  සිවිල් ඔත්තු ඒජ­න්සිය ප්‍රකාශ කර ඇති අතර, වැං නමැති වාස­ග­මින් හඳු­න්වනු  ලබන පිරිමි පුද්ග­ලයා අති­ශය රහ­සි­ගත රාජ්‍ය තොර­තුරු සඳහා ප්‍රවේ­ශ­වීමේ හැකි­යාව  සහිත ඉහළ තන­තු­රක සිටින පුද්ග­ල­යකු බව ද ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT