බ්‍රිතාන්‍ය රජයේ ‘එම්අයි 6‘ බුද්ධි සේවයට ඔත්තු සැපයීම සඳහා සිය පුරවැසි යුවළක් යොදාගත් බවට චීන රජය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ සිවිල් ඔත්තු ඒජන්සිය භාරව සිටින එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විසින් චීන රජයේ ඔත්තු බැලීමට යොදාගත් බව කියන යුවළක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවය.
චීනය එම චෝදනාව එල්ල කරනු ලැබුවේ පසුගියදා හොංකොං බුද්ධි සේවය වෙනුවෙන් ඔත්තු බැලූ බවට එරට පුරවැසියන් තිදෙනකු සහ චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට පාලක කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයකුගේ හිටපු පර්යේෂණ නිලධාරියකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට පත්වීමෙන් සති කිහිපයකට පසුවය.
ඔත්තු බැලීමේ චෝදනාවට විවාහක යුවළක් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ එම්අයි6 බුද්ධි සේවයට තොරතුරු සැපැයූ බවට තොරතුරු වාර්තා වී ඇති බවත් චීනයේ සිවිල් ඔත්තු ඒජන්සිය ප්‍රකාශ කර ඇති අතර, වැං නමැති වාසගමින් හඳුන්වනු ලබන පිරිමි පුද්ගලයා අතිශය රහසිගත රාජ්‍ය තොරතුරු සඳහා ප්රවේශවීමේ හැකියාව සහිත ඉහළ තනතුරක සිටින පුද්ගලයකු බව ද ප්‍රකාශ කර තිබේ.