Home » ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ බස් රථ­ය­කට එල්ල වූ සැක කට­යුතු ප්‍රහා­ර­ය­කින් 9ක් මරුට

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ බස් රථ­ය­කට එල්ල වූ සැක කට­යුතු ප්‍රහා­ර­ය­කින් 9ක් මරුට

33 දෙන­කුට තුවාල

by Gayan Abeykoon
June 11, 2024 1:17 am 0 comment

ඉන්දි­යාවේ  ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ හින්දු බැති­ම­තුන් පිරි­සක් රැගත් බස් රථ­ය­කට එල්ල  වූ බව කියන සැක කට­යුතු ප්‍රහා­ර­ය­කින් පුද්ග­ල­යන් 9 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී  ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 33 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා  කළේය. එම ප්‍රහා­ර­යත් සමඟ රියැ­දු­රුට බස් රථය පාල­නය කිරී­මට නොහැකිවීමෙන් එය  ප්‍රපා­ත­ය­කට පෙරළි ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ප්‍රහා­රය  එල්ල වී ඇත්තේ බස් රථය ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටි සුප්‍ර­කට හින්දු  දේව­ස්ථා­න­යක් වන විෂ්ණු දේවි කෝවිල වෙත ගමන් කර­මින් සිටි­ය­දීය. මේ ප්‍රහා­රයේ  වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­යක් භාර­ගෙන නැති අතර, දිස්ත්‍රික් පොලිස්  ප්‍රධා­නියා රොයි­ටර් පුවත් සේව­යට ප්‍රකාශ කර ඇත්තේ එය යම්කිසි ආයුධ සන්නද්ධ  කණ්ඩා­ය­මක් සැඟවී සිටි කරනු ලැබු ප්‍රහා­ර­යක් බවය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT