Home » ඇමැති-සමිති සාක­ච්ඡා­වෙන් පසු දුම්රිය වර්ජ­නය අව­සන්

ඇමැති-සමිති සාක­ච්ඡා­වෙන් පසු දුම්රිය වර්ජ­නය අව­සන්

by Gayan Abeykoon
June 11, 2024 1:30 am 0 comment

සුභාෂිණි සේනානායක
ඇමැතිවරයා අදහස් දක්වමින්. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා ද මෙහි සිටී
ඇමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අයුරු

ඇමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අයුරු

දුම්රිය රියැ­දු­රන් විසින් දින හත­රක් පුරා ක්‍රියා­ත්මක කළ වැඩ­ව­ර්ජ­නය ප්‍රවා­හන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් සමඟ පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව ඊයේ (10) දහ­වල් අව­සන් කෙරිණි.   මහ­ජ­න­තාව පීඩා­වට පත් නොකර වර්ජ­නය අව­සන් කර සේව­යට වාර්තා කර­න්නැයි දුම්රිය වෘත්තීය සමිති සමඟ ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (10) පැවැති සාක­ච්ඡා­වේදී ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඉල්ලී­මක් කළේය.

එම ඉල්ලීම පිළි­ගෙන සාක­ච්ඡා­වේදී ඇති­ක­ර­ගත් එක­ඟතා ද මත අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාව­න­යට කට­යුතු කරන බව ලොකෝ­මෝ­ටිව් ඔප­රේ­ටින් ඉංජි­නේරු සංග­මය පැවැ­සීය.

මෙම හමු­වේදී ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.  

මීට වසර දෙක­කට පමණ පෙර මම මේ අමා­ත්‍යාං­ශය බාර ගනිද්දී රටේ මහ­ජන මතය වී තිබුණේ දුම්රිය සේවය පුද්ග­ලි­ක­ක­ර­ණය කළ යුතුයි, එය කිසිදා ගොඩනැඟිය නොහැකි බවයි. ඒ වැඩ වර්ජන ස්ට්‍රයික් නිසා ජන­තාව පීඩා­වට පත් වෙලා. ඒ නිසාම මම සෑම­වි­ටම ඉල්ලා සිටියා වැඩ වර්ජ­න­ව­ලට නොගොස් සාකච්ජා මාර්ග­යෙන් තම ගැටලු විසඳා ගන්නා ලෙස. දීර්ඝ කාල­යක් තිස්සේ නොවි­ස­ඳුණු ප්‍රශ්න­යක් මම කැබි­නට් මණ්ඩ­ල­යට ගෙනි­හිල්ලා උස­ස්වීම් ලබා­දීම සඳහා 2024 මාර්තු මාස­යේදී කැබි­නට් අනු­මැ­තිය ලබා ගැනී­මට කට­යුතු කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා මෙහිදී පැවැ­සීය.

දුම්රිය රියැ­දු­රන්ට උස­ස්වීම් ලබා­දීමේ ක්‍රියා පටි­පා­ටිය මේ වන විට සිදු වෙමින් පව­ති­නවා. තුන්වෙනි පන්ති­යෙන් දෙවැනි පන්ති­යට උස­ස්වීම් සඳහා දුම්රිය රියැ­දු­රන් 83 දෙනෙ­කු­ගෙන් 75 දෙනෙ­කුගෙ ඉල්ලු­ම්පත් ලැබී ඇති අතර මේ වන විට ඉන් 70 දෙනෙකු සඳහා උසස් වීම් සඳහා ලිපි ලබා­දී­මට කට­යුතු කර තිබෙ­නවා. ඉතිරි 13 දෙනා උස­ස්වීම් ලබා­දී­මට අදාළ නිය­මිත සුදු­සු­කම් සපුරා නොමැති බැවින් අදාළ ක්‍රම­වේ­දය සපු­රා­ගත් පසු ඒ අය සඳහා ද නිය­මිත ක්‍රියා­ප­ටි­පා­ටිය අනුව ඉදි­රි­යේදී උස­ස්වීම් ලබා­දී­මට කට­යුතු කර­නවා. තුන්වන පන්තියේ සිට දෙවන පන්ති­යට උසස් වීම් ලබා­දී­මේදී සුවි­ශේෂී කාර්ය සාධන යටතේ අවු­රුදු පහක් සම්පූර්ණ කළ අයට උසස් වීම් ලබා­දී­මට කට­යුතු කර­නවා. ඒ සඳහා අවු­රුදු පහ සම්පූර්ණ කිරීම පම­ණක්ම ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. කාර්ය­ක්ෂ­මතා කඩ­ඉම, දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂණ සහ දමිළ භාෂා ප්‍රවී­ණ­තා­වය ලබා­ගත යුතුයි. එමෙන්ම විනය පරී­ක්ෂණ ති‍ෙයන අය සඳහා ද උස්වීම් ලබා දෙන්නේ නැති බව මෙහිදී අති­රේක දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී (පරි­පා­ලන) කුස­ලානි ද සිල්වා මහ­ත්මිය පැවැ­සු­වාය.

එබැ­වින් පොදු මහ­ජ­න­තාව පීඩා­වට පත් නොකර වර්ජ­නය අව­සන් කර රාජ­කාරී සඳහා වාර්තා කරන ලෙස දැන් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා වෘත්තීය සමිති ක්‍රියා­වන්ට නොගි­හින් සෑම විටම තම ප්‍රශ්න සාකච්ඡා මාර්ග­යෙන්ම විසඳා ගැනී­මට කට­යුතු කරන ලෙස ද වෘත්තීය සමිති නියෝ­ජි­ත­යි­න්ගෙන් මෙහිදී ඉල්ලා සිටි­යේය.

මෙම අව­ස්ථා­වට ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉංජි­නේරු රංජිත් රූබ­සිංහ, අති­රේක ලේකම් එල්.එස්. තිල­ක­රත්න, වැඩ බලන දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී එස්. එස්. මුද­ලිගේ මහ­ත්ව­රුන්, දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රුන්, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රුන් හා දුම්රිය වෘත්තීය සමිති නියෝ­ජි­ත­යෝ එක්වූහ.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා මහත්මිය අදහස් දක්වමින්

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා මහත්මිය අදහස් දක්වමින්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT