Wednesday, September 18, 2024
Home » යුද හමු­දා­­පති නැඟෙ­න­හිර ආර­ක්‍ෂක සේනා මූල­ස්ථා­නයේ නිල සංචා­ර­යක

යුද හමු­දා­­පති නැඟෙ­න­හිර ආර­ක්‍ෂක සේනා මූල­ස්ථා­නයේ නිල සංචා­ර­යක

by Gayan Abeykoon
June 11, 2024 1:08 am 0 comment

යුද හමු­දාපති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­නගේ මහතා පසු­ගිය දින නැඟෙ­න­හිර ආර­ක්‍ෂක සේනා මූල­ස්ථා­නයේ නිල සංචා­ර­යක නිරත වූයේය. සංචා­රයේ නිරත යුද හමු­දා­ප­ති­තු­මන් වෙත භට­පි­රිස් විසින් හමුදා සම්ප්‍ර­දා­යා­නු­කූල මුරය පසු කර­ගෙන යාමේ ගෞර­වා­චා­රය පුද­කි­රී­මෙන් අන­තු­රුව ආර­ක්‍ෂක සේනා ආඥා­පති – නැඟෙ­න­හිර මේජර් ජෙන­රාල් එස්.ඒ. කුල­තුංග මහතා විසින් එතු­මන් පිළි­ගනු ලැබීය.

යුද හමු­දා­පති ආර­ක්‍ෂක සේනා මූල­ස්ථා­නය – නැඟෙ­න­හිර යටතේ සේවයේ නියුතු භට පිරිස් ආම­න්ත්‍ර­ණය කර­මින් මානු­ෂීය මෙහෙ­යු­මේදී දිවි පිදූ වීරෝ­ධාර රණ­වි­රු­වන් අනු­ස්ම­ර­ණය කළ අතර සේවයේ නියුතු යුද හමුදා සාමා­ජි­ක­යන්ගේ කැප­වීම ඇග­යී­මට ලක් කළේය. එමෙන්ම රාජ­කාරි අත­ර­තුර භට පිරිස් සම­ඟින් සුහ­ද­තා­වය පවත්වා ගැනීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ද එතු­මන් පෙන්වා දුන්නේය. සංචා­රයේ සමා­ප්තිය සනි­ටු­හන් කර­මින් සමරු තිළිණ හුව­මා­රු­වක් ද සිදු කෙරිණි.

ආර­ක්‍ෂක සේනා මූල­ස්ථාන පරි­ශ්‍රයේ සංචා­රය නිම­වී­මෙන් අන­තු­රුව යුද හමු­දා­පති විශේෂ අමු­ත්තන් සඳහා වූ පොතේ සමරු සට­හ­නක් ද තැබීය. මෙම අව­ස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙන­රාල් ප්‍රධාන මාණ්ඩ­ලික 22, 23 සහ 24 පාබල සේනාං­ක­යන්හි සේනාං­කා­ධි­ප­ති­ව­රුන්, ආර­ක්‍ෂක සේනා මූල­ස්ථා­නය – නැඟෙ­න­හිර භට­කාර්ය සම්පා­දන ආඥා­පති, එම සේනාං­කය යටතේ ස්ථාපිත බල­සේ­නා­වන්හි බල­සේ­නා­ධි­ප­ති­ව­රුන්, අණ­දෙන නිල­ධා­රීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්, නිල­ධා­රීන් සහ සෙසු නිල­යන් පිරි­සක් ද සහ­භාගී වූහ.

දිගා­ම­ඩුල්ල විශේෂ - වසන්ත චන්ද්ර­පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x