Sunday, May 11, 2025
Home » කණ්ඩා­යම ඇතුළේ අසු­බ­වාදී දේ කතා කිරීම ක්‍රීඩි­කා­වන්ට තහ­නම්

කණ්ඩා­යම ඇතුළේ අසු­බ­වාදී දේ කතා කිරීම ක්‍රීඩි­කා­වන්ට තහ­නම්

ක්‍රිකට් හරිම අවි­නි­ශ්චි­තයි: ඇතැම් දින­වල අපට හිතන දේ වෙන්නේ නෑ - චමරි අත­පත්තු කියයි

by Gayan Abeykoon
June 11, 2024 1:30 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු රුමේෂ් රත්නා­යක, නායිකා චමරි අත­පත්තු සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ‘හොනර්‘ අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනි හා සන්ක්වික් ලංකා පුදු­ග­ලික සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මංගල පෙරේරා යන මහ­ත්වරු මාධ්‍ය හමු­වේදී.

ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අවි­නි­ශ්චිත ක්‍රීඩා­වක් බවත්, තරග පැවැ­ත්වෙන ඇතැම් දින­ව­ලදී කණ්ඩා­ය­මට අවශ්‍ය දේ සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු පැවැ­සූ­වාය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුස­ලාන දිනූ රටක් බැවින් ශක්ති­මත් මාන­සි­ක­ත්ව­යක් ගොඩ නැඟී ඇතැයි ඇය සඳ­හන් කළාය. දැනට අමෙ­රි­කාවේ විස්සයි20 ලෝක කුස­ලා­න­යට සහ­භා­ගීවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරි තරග ජය­ග්‍ර­හ­ණය කිරීම වෙනු­වෙන් සියලු දෙනා සුබ පැතුම් එක්කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායි­කාව පැවැ­සු­වාය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්ව­ය­කට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැප­වීම හේතු­වෙන් බව ශ්‍රී ලංකා නායි­කාව සඳ­හන් කළාය. එමෙන්ම කණ්ඩා­යම තුළ අසු­බ­වාදී දේ කතා කිරීම සියලු ක්‍රීඩි­කා­වන්ට හා කාර්ය මණ්ඩ­ල­යට තහ­නම් කොට තිබී­මත් සාර්ථ­ක­ත්ව­යට හේතුවක් බව ඇය පෙන්වා දුන්නාය.

“අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාට­වත් නෙගි­ටිව් දේවල් කතා කරන්න තහ­නම්. ඒක ක්‍රීඩි­කා­වන්ට පම­ණක් නොවෙයි. පුහු­ණු­ක­රු­වන්ගේ ඉදලා සියලු දෙනා­ටම පොදුයි“චමරි අත­පත්තු පැවැ­සූ­වාය.

ඇය මේ බව පැවැ­සූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යමේ අනු­ග්‍රා­හ­කයා හඳුන්වා දීම වෙනු­වෙන් ඊයේ කොළ­ඹදී පැවති මාධ්‍ය හමු­ව­ක­දීය. මෙර­ටට පැමිණ සිටින බට­හිර ඉන්දීය කොදෙව් කාන්තා ජාතික කණ්ඩා­යමේ ශ්‍රී ලංකා සංචා­රය සඳහා ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට අනු­ග්‍රා­හ­ක­ත්වය නිපෝන් පේන්ට්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ‘හොනර්‘ හා සන්ක්වික් ලංකා පුද්ග­ලික සමා­ගම විසින් ලබාදී ඇත.

“ කාන්තා ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 6ක් තිබෙ­නවා. එයින් 5ක් දිනා ගත්තොත් සෘජු­වම ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබන්න පුඵ­වන්. අපට හොඳ යොවුන් ක්‍රීඩි­කා­වන් ඉන්නවා. විශ්මි ගුණ­රත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි පැහැ­දිලි අනා­ග­ත­යක් ඇති ක්‍රීඩි­කා­වන්. පසු­ගිය වසර එක­හ­මා­රක කාල­ය­කදී එංග­ල­න්තය, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව පරා­ජය කළා. මේ තර­ගා­ව­ලි­යත් ඉතා හොඳින් අව­සන් කිරී­මට සූදා­නම්“ චමරි පැවැ­සූ­වාය. “පසු­ගිය විස්සයි20 ලෝක කුස­ලා­න­යේදී අපට අව­සන් පූර්ව වට­යට එන්න බැරි වුණා. මෙවර ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 12ක් තිබෙ­නවා. කොදෙව්වන් සමඟ තරග 3ක්, අය­ර්ල­න්තය සමඟ තරග 2ක් හා ආසියානු කුස­ලා­න­යේදී තරග 7ක් ලෝක කුස­ලා­න­යට පෙර තියෙ­නවා. බංග්ලා­දේ­ශයේ ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන නිසා දඟ පන්දු­වට තර­මක් වාසි ලැබෙයි. අපේ දඟ පන්දු යැවීමේ අංශය හොඳයි. පිති­ක­ර­ණය තව ටිකක් දියුණු මට්ට­මට ගෙන ආ යුතුයි. අපේ ක්‍රීඩි­කා­වන් හොඳ කැප­වී­මක් කර­නවා“ ශ්‍රී ලංකා නායි­කා­වගේ අද­හස වූවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහු­ණු­කරු රැමේෂ් රත්නා­යක මහතා පැවැ­සූවේ කණ්ඩා­යමේ වෙන­ස්කම් ඉතා ක්‍රමා­නු­කූ­ලව සිදු­වන බවයි.“ අලුත් ක්‍රීඩි­කා­වන්ට තැනක් දිය යුතුයි. ඒක හරිම පරි­ස්ස­මෙන් කළ යුතු දෙයක්. එංග­ලන්ත සංචා­ර­යට 17ක් ගියා. ඒ සියලු දෙනා ක්‍රීඩා කළා. එංග­ලන්ත සංචා­ර­යේ­දීත් ගිය ක්‍රීඩි­කා­වන් සියලු දෙනාට තැනක් දුන්නා. අනා­ග­තය බලලා ක්‍රීඩි­කා­වන් ආදේශ කර­නවා“ රත්නා­යක මහතා පැවැ­සීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම හා බට­හිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩා­යම අතර, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වේ. එම සියලු තරග හම්බ­න්තො­ටදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති අතර, මේ 15 වැනිදා පළමු එක්දින තර­ගය ආරම්භ වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT