Home » ඉන්දියා-පාකි­ස්තාන තර­ග­යට ජෝ බයි­ඩන්ගේ ආර­ක්ෂා­වක්

ඉන්දියා-පාකි­ස්තාන තර­ග­යට ජෝ බයි­ඩන්ගේ ආර­ක්ෂා­වක්

by Gayan Abeykoon
June 11, 2024 1:22 am 0 comment

ලකුණු 42ක් ලැබූ රිෂාබ් පාන්ට් හා කඩුලු 3ක් බිඳ­ හෙළුෑ ජස්ප්‍රීට් බුම්රා

නිව්යෝර්ක් නුවර පෙරේදා පැවැති ඉන්දියා-පාකි­ස්තාන තර­ග­යට අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයි­ඩන් මහ­තාට ලබා­දෙන ආර­ක්ෂාව හා සමාන දැඩි රුක­වල් යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝර්ක් නග­රයේ පම­ණක් නොව එක්සත් ජන­පද දේශ­සීමා ඔස්සේද ඔත්තු බැලීම වැඩි කොට ඇත.

අහස උසට ප්‍රවේ­ශ­පත්‍ර මිල ගණන් තිබි­ය­දීත්, ආධා­ර­ක­රු­වන් නස්සාවූ ක්‍රිකට් පිටියේ ආසන 30,000 පිරී ගොස් තිබිණි. නස්සාවූ ප්‍රාන්ත පොලි­සිය ඉල්ලා දැනුම්දී ඇත්තේ අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ලබා­දෙන ආර­ක්ෂාව හා සමාන ලෙස ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවයි. ක්‍රීඩාං­ග­ණ­යට ඇතුළු වන මාර්ගය සහ මුළු ක්‍රීඩා ප්‍රේක්ෂ­කා­ගාර කැම­රා­ව­ලින් ආව­ර­ණය කර ඇත. මෙම තර­ග­යෙන් ලකුණු 6ක ජයක් හිමි කර ගැනී­මට ඉන්දීය කණ්ඩා­යම සමත් විය.  පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ඉන්දි­යාව ඕවර 19කදී ලකුණු 119ක් රැස් කළේය. එම ඉල­ක්කය හඹා ගිය පාකි­ස්තා­න­යට ඕවර 20 අව­සා­නයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 113ක් පමණි. පාකි­ස්තාන කඩුලු 3ක් ලකුණු 14කට බිඳ­හෙළූ ජස්ප්‍රිත් බුම්රා තර­ගයේ වීරයා සම්මා­නය දිනා ගත්තේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT