අම්පාර සද්ධාතිස්ස මහා විදුහල සහ කාවන්තිස්ස විදුහල අතර පැවැති ක්‍රිකට් තරගය ලකුණු 34කින් ජය ලැබීමට අම්පාර සද්ධාතිස්ස මහා විදුහලේ කණ්ඩායම සමත් විය. පළමු වරට පැවැති මෙම තරගාවලිය පිය පුතු සටන ලෙස නම් කර තිබිණි.
කාසියේ වාසිය දිනාගත් කාවන්තිස්ස මහා විදුහලේ නායක ජනක චතුර විසින් පළමුව පන්දු රැකීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව පිටියට පිවිසි සද්ධාතිස්ස කණ්ඩායමේ ක්රීඩකයින් පන්දු ඕවර 22 කදී සියලුම ක්රීඩකයින් දැවි ලකුණු 167ක් ලබා ගනු ලැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අම්පාර කාවන්තිස්ස මහා විදුහලේ ක්රීඩකයින් ඕවර් 44 කදි සියලු දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තේය.
තරගයේ වීරයා ලෙස සද්ධාතිස්ස මහා විදුහලේ මේනක සම්මාන දිනාගත් අතර, දක්ෂතම පන්දු යවන්නා ලෙස කාවන්තිස්ස මහා විදුහලේ නලීන් ප්‍රියංග තේරි පත්විය. දක්ෂතම පන්දු රකින්නා ලෙස සද්ධාතිස්ස මහා විදුහලේ කඩුපුල් කල්ප, දක්ෂතම පිතිකරු ලෙස කාවන්තිස්ස විදුහලේ මොෙහාමඩ් අමින් සම්මාන දිනා ගත්හ.