Home » සිටි­ලීග් පිටිය කෝටි 2ක විය­ද­මින් සංව­ර්ධ­නය වෙයි

සිටි­ලීග් පිටිය කෝටි 2ක විය­ද­මින් සංව­ර්ධ­නය වෙයි

by Gayan Abeykoon
June 11, 2024 1:19 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර
සිටි­ලීග් හිටපු සභා­පති ආර්. පුව­නේ­න්ද්‍රන් මහ­තාට එම ලීගයේ සාමා­ජි­ක­යින් විසින් උප­හාර තිළි­ණ­යක් ප්‍රදා­නය කළ අයුරු. ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­පති ජස්වර් උමර් මහතා හා ලේකම් ආසිෆ් අන්සාර් යන මහ­ත්වරු ද සිටිති.

කොළඹ සිටි­ලීග් පිටිය හයි­බ්‍රිඩ් පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නය සූදා­නම් වෙයි. විදුලි ආලෝක ධාරා පද්ධ­ති­යක් ද සමඟ රුපි­යල් කෝටි 2ක විය­ද­මින් සිටි­ලීග් පිටිය සංව­ර්ධ­නය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­පති ජස්වර් උමර් මහතා පැවැ­සීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ලන නිව­හ­නේදී පෙරේදා පැවැති සිටි පාපන්දු ලීගයේ නිල­ව­ර­ණ­යේදී ඒ මහතා මේ බව පැවැ­සීය. වසර 20කට අධික කාල­යක් සිටි පාපන්දු ලීගයේ සභා­පති ලෙස කට­යුතු කළ ආර්. පුව­නේ­න්ද්‍රන් මහතා මෙවර පෞද්ග­ලික හේතු­මත කිසිදු තන­තු­ර­කට ඉදි­රි­පත් නොවුණි. ශ්‍රී ලංකාවේ ප්‍රබ­ල­තම ක්‍රියා­කා­රී­ත්ව­යක් ඇතිව සිටි පාපන්දු ලීගයේ සභා­පති තන­තු­රට වික්ටරි ක්‍රීඩා සමා­ජයේ සබීර් රහීම් මහතා තේරී පත්විය.

සිටි පාපන්දු ලීගයේ නව නිල­ධාරී මණ්ඩ­ලය මෙසේය: සභා­පති  – ෂබීර් රහීම් (වික්ටරි) ලේකම් –   ඇන්ටන් ජෝයී (කුරේ), භාණ්ඩා­ගා­රික – මැක්සි ලේට්ට්‍රාන් (ජාවා­ලේන්), නියෝජ්‍ය සභා­පති – නීතිඥ සමන්ත ජේ. පීරිස් (මොර­ග­ස්මුල්ල), උප සභා­ප­ති­වරු –  සුමිත් වල්පොල (සෝන්ඩර්ස්), මහේෂ් දුෂාන්ත (මාලි­ගා­වත්ත), ඉර්ෂාඩ් ෆාරුක් (කිරුළ), පියල් ජය­ශාන්ත (වයි­කින්ස්), එම්. ෆර්සාන් (යංග් සිල්වර්), උප ලේකම් –  මහින්ද පෙරේරා (ජාවා­ලේන්), උප භාණ්ඩා­ගා­රික – සමීර ප්‍රනාන්දු (රුද්‍රා), ක්‍රීඩා පිටි ලේකම් – නෙල්සන් ඇලේ­ක්ස්න්ඩර් (සේව­යි­ලන්)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT