Wednesday, September 18, 2024
Home » ඇල්කඩුව වැවිලි සමාගම වතු කම්කරු දිනක වැටුප රු.1700ට වැඩි කරයි

ඇල්කඩුව වැවිලි සමාගම වතු කම්කරු දිනක වැටුප රු.1700ට වැඩි කරයි

- ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න

by sachintha
June 12, 2024 1:00 am 0 comment

– EPF-ETF සමඟ වැටුප රු.1902.50යි

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස වැඩි කර පෙරේදා (10) සිට ලබාදීමට පියවර ගෙන තිබේ. වතු කම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි 01 වැනිදා කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවැති කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලියට සහභාගි වෙමින් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරු වැටුප ඉහළ නංවමින් රජය මඟින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි.

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම සිය සේවකයන්ට වැඩි කළ වැටුප ලබාදීමට පියවර ගෙන ඇත්තේ වැඩි කළ වැටුප ලබාදිය නොහැකි බවට වතු රැසක හාම්පුතුන් ප්‍රකාශ කරමින් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගනිමින් ඇති පසුබිමක වීම විශේෂිතය. මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරුවන් 1500ක් වෙත මෙම වැඩි කරන ලද වැටුප හිමිවේ. රුපියල් 1700ක වැටුපට අමතරව ඊ.ටී.එෆ්. හා ඊ.පී.එෆ්. ලෙස රුපියල් 202.50 එක් වූ පසු 1902.50ක වැටුප් වැඩි වීමක් කම්කරුවන්ට සිදු කරන බව ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ඇල්කඩුව වැවිලි සමාගම 2020 වර්ෂයේ සිට ලාභ ලබන රජයේ වැවිලි සමාගමක් ලෙස කටයුතු කරන බැවින් මෙම වැටුප් වැඩි වීම ලබා දීමට හැකි බවත් ඉදිරියේදී මනා කළමනාකරණයක් තුළින් වතු කම්කරුවන්ගේ වැටුප නිසි දිනට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත සිදු කිරීමට පියවර ගන්නා බව ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x