Wednesday, September 18, 2024
Home » බස්නාහිර ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු කසළ අංගණයට
විරෝධය සාකච්ඡා මඟින් විසඳා ගනී

බස්නාහිර ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු කසළ අංගණයට

ව්‍යාපෘතියේ මෙහෙයුම් පරීක්ෂණ අරඹයි

by sachintha
June 12, 2024 1:05 am 0 comment

බස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සබරගමුව පළාත තුළ ලියාපදිංචි කිරීමට දැන් හැකියාව ඇතැයි සබරගමුව පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කරයි.

සබරගමු පළාත් සභාව මඟින් මෙම පහසුකම පසුගිය 03 වැනි දින සිට ක්‍රියාත්මක කළ බව මහින්ද එස්. වීරසූරිය මහතා පැවැසීය.

රත්නපුර පිහිටි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (11) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මේ අනුව, බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි කළ වාහන සඳහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමු පළාත් සංකීර්ණයෙන් ද රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29න් ද ලබාගත හැකි බව ද ප්‍රධාන ලේකම්වරයා මෙහිදී පැවැසීය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x