Wednesday, September 18, 2024
Home » ඩයලොග් ජනතාවගේ ආදරණීය සන්නිවේදන සහකරුවායි

ඩයලොග් ජනතාවගේ ආදරණීය සන්නිවේදන සහකරුවායි

by sachintha
June 12, 2024 1:24 am 0 comment

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, LMD මගින් පවත්වන Brands Annual වාර්ෂික අධ්‍යයනයේදී ‘ජනතාවගේ වඩාත්ම ආදරයට පාත්‍රවන සේවා සන්නාමය’ හා ‘ජනතාව වඩාත්ම ආදරය කරන

සන්නිවේදන සන්නාමය’ ලෙසින් නම් කරනු ලැබිණි. මෙම වාර්ෂික අධ්‍යයනය තුළින් එලෙසින් ගෞරවයට පාත්‍රවීම, ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ඩයලොග් සතු දීර්ඝකාලීන ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරන්නකි.

ඩයලොග් විසින් අත්කර ගත් මෙම පිළිගැනීම, ගුණාත්මකබවෙන් අසමසම ජාලයක් පාරි‌භෝගිකයින්ට තිළිණ කරමින් ඔවුන් වෙත සුවිශේෂී වටිනාකම් හිමිකර දීම වෙනුවෙන් සමාගම දක්වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරන සාක්ෂියකි. එමෙන්ම මෙරට ඩිජිටල් අන්තර්කරණය උදෙසා මෙන්ම, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තාක්ෂණික නවෝත්පාදන බිහි කිරීම උදෙසා වන සමාගමේ නොපසුබට ප්‍රයත්නයන් පිළිබඳව ද මෙය සාක්ෂි දරයි. ඩයලොග්, ‘ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යවසාය සවිබල ගන්වමින් නගාසිටුවීමේ’ අරමුණින් කටයුතු කරන අතර, නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඩිජිටල් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග ශක්තිමත් කිරීම පිණිසය. ඒ සඳහා ඩිජිටල් අන්තර්කරණ විසඳුම් සහ නවෝත්පාදන තුළින් මෙරට සුබවාදී අනාගතයක් සඳහා මග පාදන අතර, පාරිභෝගික ප්‍රජාවගේ ජීවිත නඟාසිටුවීමට ද කැප වී කටයුතු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ‘මෙලෙස පිළිගැනීමට පාත්‍ර වීම, අප ලබන ඉහළම ගෞරවයක්. ඒ වගේම මෙවැනි පිළිගැනීමක් තුළින් අවධාරණය කරන්නේ පාරිභෝගිකයින් වෙනුවෙන් සැමවිටම ඉහළම මට්ටමේ විශිෂ්ටත්වය පිරිනමමින් නව්‍යකරණයන් තුළින් සේවය සැලසීමට අප සතු නොසැලෙන කැපවීමයි’ යනුවෙනි. එමෙන්ම, “මෙම ජයග්‍රහණයෙන් අපගේ වටිනා පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ පක්ෂපාතිත්වය පිළිබිඹු කෙරෙනවා. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් සවිබලගන්වමින් සේවා ක්ෂේත්‍රයේ නියමුවන් ලෙස අප යන ගමන්මඟ ඔස්සේ තවදුරටත් යාමට අපව දිරිමත් කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x