අමෙරිකානු ඩොලර් 225,000කට අධික වටිනාකමකින් යුක්ත අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානයක් අමෙරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (11) භාරදුන්නේය.
අමෙරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්යක්ෂ – Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත බාර දුන් අතර මෙම ඔෂධ වෙන්කරනු ලබන්නේ රජයේ රෝහල්වල නේවාසිකව සිටින පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සඳහාය. මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙරටට ලැබුණු පළමු ඖෂධ තොගය මෙය වේ. එම අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13ක් මෙරටට ලැබෙන අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියනයකට අධිකය. මෙරට වර්ෂයක පිළිකා ප්‍රතිකාර සඳහා එය ප්රමාණවත්ය.
මෙම ඖෂධ භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස්, LDS Latter-day saints charities (USA) ආයතනය නියෝජනය කරමින් Mr.Eric Chen -Asia Regional Humanitarian Director Ms. Ada Lam මහත්ම මහත්මීහූ සහභාගී වූහ.
සන්ධ්‍යා කරුණාරත්න