Home » කාලගුණයෙන් පීඩාවට පත් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කරන්න අගමැතිගෙන් උපදෙස්

කාලගුණයෙන් පීඩාවට පත් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කරන්න අගමැතිගෙන් උපදෙස්

by sachintha
June 12, 2024 3:24 am 0 comment

අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ක්‍රමවත් කරන ලෙස අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් දරුවන්ට පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම හංවැල්ල දේවස්ථානය, පුවක්පිටිය පූර්වාරාමය, අවිස්සාවේල්ල සුභද්‍රරාම පිරිවෙන යන ස්ථානවලදී ඊයේ (11) සිදුකෙරුණු අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කිසිදු කරුණකට දරුවන්ගේ අධ්‍යාපනයට බාධා පැමිණවීමට නොහැකි ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බව පැවැසූ අගමැතිවරයා රේඛීය ආයතන ප්‍රාදේශීය පරිපාලන සහභාගීත්වයෙන් පාසල් සුද්ධ පවිත්‍ර කිරීම් හා අලුත් වැඩියා කටයුතු මේ වන විටත් අරඹා ඇති බව කීවේය. ගංවතුරින් පොත් පත්වලට හානි වීම නිසා දරුවන්ගේ සිත් පීඩාවට පත්ව ඇති නිසා ඔවුන්ගේ මනස සුවපත් කිරීමට මෙවැනි ඉදිරිපත්වීම් අවශ්‍ය බවද අගමැතිවරයා කියා සිටියේය.

හොංකොං ශාක්‍යමුනි බෞද්ධ පදනම, සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමය මෙම සත්කාරයට දායක වී ඇත.

මහා සඟරුවන සහ අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, කොළඹ දිසාපති ප්‍රසන්න ගීගනගේ, ප්‍රාදේශීය හා ග්‍රාමීය සංවර්ධන අගමැති සම්බන්ධීකාරක කේ. ජී. විජේසිරි යන මහත්වරුන්, සීතාවක ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT