Home » මැණික් ගැනීමට නිවස හෑරූ ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

මැණික් ගැනීමට නිවස හෑරූ ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

by yasara
June 14, 2024 10:19 am 0 comment

මොරගහහේන මොරොට්ටාවවත්ත   දෙමහල් නිවසක්  තුළ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනිම් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ඊයේ  (13) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව එම අංශය  සහ මොරගහහේන  පොලිසිය ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත

සැකකරුවන් සමඟ  වතුර ඉසීමේ මෝටරයක් ගල් කැඩීමේ කම් පේශර යන්ත්‍ර 2 ක් , උදලු අලවංගු , වයර් කෝඩ් හා පූජා භාණ්ඩ ,   ඇතුළු භාණ්ඩ රැසක් රැසක් පොලිස් භාරයට ගෙන ඇත

53 හැවිරිදි ව්‍යාපාරිකයා සිය නිවසේ නාන කාමරයේ අප ජලය බැහැර කිරීම සඳහා අමතර වලක් කැපීම සඳහා සුදුසු වේලාවක් බලා ගැනීම සඳහා  කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජෝතිෂ්ත්‍රවේදියෙකු  හමුවට ගොස් ඔහුගේ හඳහන පරික්ෂා කිරීමේදී  “ඔහු පදිංචි භූමියේ තනා තිබෙන  නිවසේ නාන කාමරය අසල කාමරයක් පිහිටි ස්ථානයේ ඔහුට ආත්ම ගණනක සිට  හිමිවිය යුතු මැණික් තොගයක් තිබෙන බවට පෙන්නුම් කරන බව” මීට මාස කීපයකට ඉහතදී පවසා තිබූ බව ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙයි.

එම මැණික් තොගය හිමිකර ගැනීමට  කටයුතු කර දිය හැකි බවත් ඉන් අනතුරුව කැණීම් කරන ලෙසත් එම ජෝතිෂ්ත්‍රවේදියා යැයි කියා ගත් පුද්ගලයා ව්‍යාපාරිකයා සමග පවසා ඔහු එය එයට කැමති වීමෙන් අනතුරුව තෙල් කුප්පි කීපයක් සහ  කුඩා මුට්ටි කීපයක් ඔහු වෙත උපදෙස් සමග ලබාදී ඒ වෙනුවෙන් රුපියල් 3000/= ක මුදලක් ද ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ව්‍යාපාරිකයා ඒවා නිවසට ගෙනවිත් නාන කාමරයට යාබද කාමරයේ හතර කොනේ බුලත් කොළ මත කාසි කීපයක්ද තබා ඒ මත ජෝතිෂ්ත්‍රවේදියා ලබා දුන් තබා මුට්ටි කීපය සහ තෙල් කුප්පි කීපය තබා   ඉකුත් අප්‍රේල් මස 20 වෙනි දින  සිට මේ දක්වා අඩි 25 කට ආසන්න ප්‍රමාණයක් දෝනාවක් ආකාරයෙන් අඩි 8 ක් පමණ පළලට ඒ සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද සහභාගී කරගෙන දිවා රාත්‍රි කැනිම් කර තිබූ බව පොලිසිය කියයි

පොලිසිය ඊයේ රාත්‍රී දෙමහල් නිවස වටලන අවස්ථාව වන විටත් සැකකරුවන් තිදෙනා එම ස්ථානයේ කැණීම් කරමින් සිටින අයුරු දක්නට ලැබුණු බවත් පොලිස් නිලධාරියකු පැවසීය

මාස කීපයක අත දරුවකු ඇතුළු එම දෙමහල් නිවසේ පුද්ගලයන් පස් දෙනකු පදිංචිව සිටින අතර කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් උපයෝගී කර නොගෙන අනාරක්ෂිත ලෙස මෙම කැණීම් සිදුකර ඇති බවත් තවත් දින කීපයක් මේ අයුරින් කැණීම් සිදු කළේ නම්  හා  නිවස කඩා වැටි ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි

වයස අවුරුදු 27 හා 53  පසුවන සැකකරුවන් මොරගහහේන  මොරොට්ටාවවත්ත , කඹුරුපිටිය සහ හොරණ පදිංචි කරුවන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුරාවස්තු ආඥා පනත යටතේ හොරණ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT