ගම්පහ නගරය ආශ්‍රිත ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම ඇරඹෙයි. ගම්පහ නගරයට බලපාන ගංවතුර අවධානම අවම කිරීම අරමුණයි. මේ යටතේ ගම්පහ නගර මධ්‍යෙය් ප්‍රදාන ඇල මාර්ගය හා කුණ්ඩි ඇල සහ ඒ හා සම්බන්ධ ජලමාර්ගවල සිරවී ඇති අපද්‍රව්‍ය, ජපන්ජබර, පාසි ඉවත් කිරීම ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ වන විට ආරම්භ කර තිබේ.
මෙම ඇලමාර්ග පිරිසිදු කිරීම ගම්පහ කුණ්ඩිවිල ඇල ආශ්‍රිත ස්ථාන කිහිපයක දී සිදුකෙරිණි.
පසුගිය දා ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ නගරය ජලයෙන් යට වූ අතර නැවත එවැනි ආපදාවක් ඇති නොවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංස්ථා නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
ඒ අනුව අමාත්‍යාංශ ලේකම් එස්.සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී නගරය ආශ්‍රිත ඇලමාර්ග හා ජලපෝශක ප්‍රදේශවල සිර වී ඇති අපද්‍රව්‍ය මෙන් ම ඒ ආශ්‍රිතව ඉදිව ඇති අනවසර ඉදිකිරීම් හා තාවකාලික ඉදිකිරීම් ගම්පහ ගංවතුරෙන් යටවීමට ප්‍රධාන හේතුවක් ලෙස හදුනාගැණින. ඊට පිලියමක් ලෙස ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව තෙවදෑරුම් වැඩපිලිවෙලක් ඉදිරිපත් කළේය. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන යෝජනා ඒ අතර විය. අද ආරම්භ කෙරුණේ එම යෝජනාවල කෙටිකාලීන විසදුම් ක්‍රියාවලියයි.
ගම්පහ නගරය හරහා ගමන් කරන ප්‍රධාන ඇල මාර්ගයේ සිරව ඇති විවිධ අපද්‍රව්‍ය හා දැව කදන් ඉවත් කිරීම ඒ අනුව සිදුකෙරිණ.
මීට පෙරද ගම්පහ ආශ්‍රිත ඇලමාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්දනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර තිබිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ මෙම ඇලමාර්ග පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කරන ලෙසයි.
ඇල මාර්ග පිරිසිදු කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා හිටපු පලාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ තිස්ස ගුණවර්ධන යන මහත්වරුන් ද සහභාගී විය.