373
හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයක දී අද (17) අලුයම මෝටර් රථයක් ජල නලයක වැදී අනතුරට ලක් වී තිබෙයි.
මෙම අනතුර හේතුවෙන් ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පවතින අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ.
අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් ජල නළයට සිදු වූ හානිය නිසා ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙයි.