Monday, May 5, 2025
Home » ශ්‍රි ලංකා කණ්ඩායම අවසානයේ 83 කින් ජය ගනියි

ශ්‍රි ලංකා කණ්ඩායම අවසානයේ 83 කින් ජය ගනියි

by yasara
June 17, 2024 9:38 am 0 comment

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත්විය.

මේ අනුව ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 83කින් පරාජයට පත් කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර  පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්විය

කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 118ක් පමණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT