Home » කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක්

by chanaka
June 17, 2024 2:46 pm 0 comment

ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

අද අලුයම 2ට පමණ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

මේ තත්ත්වය හමුවේ ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වන විට අත්හිටුවා තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අදාළ ජල නළයේ ගැටී පෙරළී ගොස් ඇති බවයි.

අනතුරින් නළය පුපුරා යෑමෙන් ඊයේ (16) රාත්‍රියේ සිට ඉන් ජලය පිටතට කාන්දු වී තිබුණි.

යාබඳව පිහිටි විදුලි රැහැන් කණුවක්ද ජල පහරේ වේගයට කඩාවැටි තිබෙන අතර සිදුවන ජල කාන්දුව නිසා කලටුවාවේ සිට සිදු කරන ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT