කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් උඩමළුව නැගෙනහිර දොරටුව ආසන්නයේ දී ඊයේ (16) හෙළ බොජුන් හලක් විවෘත කෙරුණි. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි හතරකට ආසන්නවේ.
හෙළ බොජුන් හළ විවෘත කළේ , අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙනි.
මේ අවස්ථාවට පැමිණි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ව්‍යවසායකත්ව සංකල්පය වර්ධනය කිරිම සදහා සුදුසු වැඩපිළිවෙළ රාශියක් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ආර්ථිකය වැඩෙමින් පවතින සමයක ව්‍යවසායකත්වය වර්ධනය කිරිම සදහා නිවැරදි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බව ද ඒ මහතා සඳහන් කළේ ය.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය තුල කාන්තා ශ්‍රම බලකාය පිලිබදව දැඩි විශ්වාසයක් තබා තිබේ. ඒ නිසාම අඩු පොළියට කාන්තා ව්‍යවසායකත්වය සඳහා ණය ලබාදීමට සැලසුම් කර ඇත. ව්‍යවසායකත්වයට අතහිත දෙන ආයතන කිහිපයක් ඒකාබද්ධ කර ඉදිරියේ දී තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබාදීමේ නව ක්‍රියාමාර්ගයක් රජය මගින් ඉදිරි මාස කිහිපය තුල ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙහිදී සභාව ඇමතූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ සෞඛ්‍ය සම්පන්න දේශිය ආහාර සංස්කෘතියක් නිර්මාණය කිරිමත් , දේශිය ආහාර සදහා වටිනාකමක් ලබාදීමත් මෙවන් හෙළ බොජුන් හල් ආරම්භ කිරිමේ මුලික අරමුණ බවයි.
මෙම නව හෙළ බොජුන් හල තුල තම ව්‍යසායකත්වය දියුණුකර ගැනීම සදහා කාන්තවන් සියයකට ආසන්න පිරිසකට අවස්ථාව උදාවේ.
විවෘත කිරිමේ අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , අනුරාධපුර අන්තර් පලාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගෞරී සමරවීර යන මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් හා කාන්තා ව්‍යවසායිකාවන් පිරිසක් එක්වූහ.
තිසර සමල් – අනුරාධපුර