‘මල්වතු ඔය ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (17) සහභාගී වූ අතර තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ සිට එම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරීමේ කටයුතුවලටද එක්විය.
ගොවිබිම් ඉඩම් හෙක්ටයාර් 22,000කට වාරි ජලය සපයමින්, සහල් සහ අතිරේක භෝග නිෂ්පාදනය කෙරෙන මල්වතුඔය ජල මූලාශ්‍ර කොටගත් මෙම ව්‍යාපෘතිය මඟින් මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීම හරහා මෙගාවොට් 50ක විදුලිය නිපදවීමත්, මල්වතු ඔය කුඩා ජලවිදුලි පද්ධතියෙන් මෙගාවොට් 1.6 ක විදුලිය ජනනය කිරීමට නියමිතව ඇත.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමි, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.