Home » වාහන අනතුරින් පිපිරුණු නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

වාහන අනතුරින් පිපිරුණු නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

by yasara
June 18, 2024 8:19 am 0 comment

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොඩගම අවට ප්‍රදේශවල ලක්ෂයකට අධික පිරිසකගේ ජල සැපයුම අත්හිටුවා ති‌බිණි.

කෙසේ වෙතත් නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය  පවසයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT