‘නිවසේ සිටම ආදායම් මාර්ගයක්’ යැයි කී කල්හි අසූව දශකයේදී සිහිපත් වූයේ ලියුම් කවර සෑදීම, මල් වගාව, සුරතල් මසුන් ඇති කිරීම, හඳුන්කූරු සෑදීම වැනි දේය. එහෙම ආදායම් සඳහා උපදෙස් දෙන හෙවත් වෙළෙඳපොළ සඳහා අවස්ථා නිර්මාණය කර දෙන ආයතන ගණනාවක් ද මේ රටේ ඇතිවිය. සර්වෝදය, සණස ආදියේ සිට මේ ගැන උදව් පදව් කරන ලද්දේ, ‘ට්‍රයි එකක් දෙන කෙනා වෙත සපෝට්’ එකක් දෙනු රිසියෙනි. පස්සෙන් පහු කාලයේදී මේ සඳහාම අනන්‍ය වූ ‘ස්වයං රැකියා’ යන පදය වහරට පැමිණියේය.
ස්වයං රැකියා සඳහා වෙනම ණය ක්‍රම ආදිය ද ලබාදෙමින්, නිවසේ සිටම ආදායම් උපයා ගැනීම සඳහා සහය දෙන තත්ත්වයක් සමාජයේ නිර්මාණය විය. ඔය යුගය පසු කර සයිබර් සමය ළඟා වන විට නිවසේ සිටම ආදායම් ඉපැයීම සමඟ අන්තර්ජාලය සම්බන්ධ වීමට පටන් ගත්තේය, වෙබ් අඩවි දැන්වීම් නරඹා, නිවසේ සිටම ‘ගාණක් හොයාගන්නා අන්දම’ ගැන වෙනම එක්දින පාඨමාලා පවා ආරම්භ වී ඇති බව, පත්තරවල පළවන දැන්වීම් මඟින් ජනතාව දැන කියා ගත්හ.
දැන් ‘ස්වයං රැකියා’ ක්ෂේත්‍රය අලුත් පාරකට බැස තිබේ. හැම කෙනා ළඟම කැමරා ෆෝන් ඇත්තේ හෙයින් යූටියුබ් වීඩියෝ දමාගෙන හිට් කර, ආදායම් මාර්ගයක් ලබා ගැනීම සඳහා දරන උත්සාහ ඇත්තේය. ෆේස්බුක් පේජ් සාදාගෙන, දැන්වීම් ආදිය පළ කර මුදල් උපයන පිරිසක් ද වෙති. මේ ආකාර කිහිපයටම එහා ගොස්, නවතම ස්වයං රැකියාව වී ඇත්තේ ‘සල්ලාල වීඩියෝ’ පළ කිරීමය.
මේවා ආකාර දෙකකි. එකක් වන්නේ අඩනිරුවත සහ අසභ්‍ය මාතෘකා කතා කරන වීඩියෝය. සමහර කාන්තාවන් මෙවන් ‘වීඩියෝ අඩවි’ පවත්වාගෙන යමින්, වීව්ස් වැඩි කර ගැනීම සඳහා ‘සැරට’ ලිංගික කාරණා කතා කරන ආකාරය දැකිය හැකිය. අනෙක වන්නේ පෙරේදා මාට්ටු වූ වර්ගයේ, වීඩියෝය.
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කරමින් ‘මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක්’ කළ ජෝඩු දෙකක් , පිළියන්දල බටකැත්තර, කෝංගහවත්තේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබිණි. තරුණ අඹුසැමි ජෝඩු දෙක මේ ආකාරයට සජීවී විකාශය ලබා දෙන්නේ ‘නිකං කරන එක’ ටිකට් කඩා පෙන්වා ආදායම් මාර්ගයක් විවර කර ගන්නා න්‍යායෙන්ය.
මේ අලුත්ම පන්නයේ ස්වයං රැකියාවකි. මුහුණ වසාගෙන, දෙබස් උච්චාරණය පරිගණකයෙන් එහෙට මෙහෙට ඇද දැමීම මෙහි විශේෂත්වය ය. හඳුනා ගැනීමට නොහැකි වන සේ එම උප්පරවැට්ටි දමා, මෙම වීඩියෝ උඩුගත කරන්නේය. මේ රටින් ඒවා සයිබර් අවකාශයට මුදාහැරියහොත්, ආගිය මාවත ඔස්සේ කළේ කවුදැයි සොයාගත හැක්කේ බැවින්, මෙසේ වෙනත් රටක් ඔස්සේ ඒවා විකාශය සඳහා ඉදිරිපත් කිරීම සිදු වන්නේය.
1441 වර්ෂයේදී දී මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේය. මුලින්ම මෙම යන්ත්‍රය මඟින් ආගමික මතවාද සහ රාජ්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට පටන් ගත්තේය. 1524 දී සුප්‍රසිද්ධ රෝමානු චිත්‍ර ශිල්පී ජුලියෝ රොමානෝගේ කාමුක දර්ශන ඇතුළත් සිතුවම් මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශය කිරීමට පටන් ගත්තේය. මොකක් හෝ දෙයක් පටන් ගත් සැණින්, මේ මාතෘකාව ද මිනිසා එයට ඇතුළත් කර ගන්නේය. ඒ ආකාරයට 17 වැනි සියවසේදී නවකතාවක් ද ප්‍රකාශයට පත්විය. මෙම නවකතාවට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණේ නමුත් බොහෝ දෙනා එය රහසිගතව කියවා තිබිණි. වසරක කාලයකට පසුව, මෙම පොත තහනම් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගත්තේය. කතුවරයා සිරගත කළේය. චෝදනාව වූයේ ලේඛකයා විසින් බ්‍රිතාන්‍යයේ මහජනතාවගේ මනස දූෂණය කරන බවය.
18 වැනි ශත වර්ෂයේ ඡායාරූපකරණය ලොව පුරා පැතිර ගියේය. චිත්‍රය වෙනුවට ඡායාරූපය ඇතුළත්ව ‘අසභ්‍ය ප්‍රකාශන’ නිකුත් වන්නට පටන් ගන්නේ එතැන් පටන්ය. අසැබි ප්‍රකාශනහි වෙනස ඇති වන්නේ මෙතැනදීය. චිත්‍රය සහ නවකතාව යනු කාගේ හෝ සිතේ ඇති දෙයක් මිස, එයට පණ ඇති චරිත නිරූපණයෙන් දායක වන්නේ නැත. ෆොටෝ යනු එසේ නොවේ. ඒ සඳහා ‘නිරුවත් නිරූපණ චරිත’ අවශ්‍යය. ෆොනෝග්‍රැෆි නම් කර්මාන්තය සඳහා අවැසි ‘මොඩල්ස්ලා’ බිහිවන්නේ එතැනින්ය.
20 වැනි සියවසේ ආරම්භයේදී කාමුක දර්ශන ලෝකයද සැලී ගියේය. චලන පින්තූර සොයාගැනීම කාමුක චිත්‍රපට නිර්මාණය සඳහා පාර කැපුවේය. ඒ කාලයේ මේ ජාතියේ වීඩියෝ එන්නේ ‘රට ගිහින් එන අය’ රැගෙන ආවොතින්ය. මේ වීඑච්එස් කැසට් පටවල එන මෙහෙම වීඩියෝ ඒ කාලයේ ‘වීඩියෝ ෂොප්වල’ කුලියට දෙන්නේ රහසේය. එහෙම රහසේ සිදු කළ ක්‍රියාව ‘අතටම එන්නේ’ අන්තර්ජාලය ජනතාවට සමීප වීම නිසාය.
වෙනදාට එතෙර නළු නිළියන්ගේ රංගන නරඹන ලද මේ රටේ ‘නිල් චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය’ දේශීය ඌරුවට ‘නිලක්’ බලන්නට පටන් ගත්තේ ‘ලීක්’ වූ වීඩියෝ ඔස්සේය. අනවසරයෙන් රූගත කළ එවැනි දර්ශන කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරන ලද්දේ හෙයින්, ඒවායේ සිටි චරිත රාශියක් රට අතහැර දා ගියේය. මේ කලාව වෙනස් වී කැමැත්තෙන්ම රංගනයට පිරිසක් බසින ලද්දේ මෑත කාලයේය. ඒවා බොහෝ විට අනන්‍යතාව සඟවන ලද වීඩියෝකරණයන් විය.
පහන්තුඩාව ලෙස ප්‍රසිද්ධියට පත් වීඩියෝව මේ සඳහා උදාහරණයකි. නිෂ්පාදන කණ්ඩායම් ආදිය නැත්තේය. පෙම් යුවළක් හෝ අඹු සැමියන් සිය රංගනය ‘සෙල්ෆි වීඩියෝ’, ආකාරයට මුදාහරින ලද්දේය. මෙය මුදල් උපයන මාර්ගයක් හෙයින් දැන් කිහිප ගුණයකින් වැඩේ ඔඩුදුවා ඇත්තේය.
පිළියන්දලින් පෙරේදා අසුවූයේ එවන් කල්ලියකි, අන්තර්ජාලය සිසාරා ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ගණයේ මෙවන් වීඩියෝ දහස් ගණනක් ඇත්තේ හෙයින්, දැන් වැඩේ පුළුල්ව පැතිර ගොස් ඇත්තේය. කාමරයේ කෙරෙන දෑ, ස්වයං රැකියාවක් බවට පත් කරගෙන, ලෝකයාගෙන් නව නිග්‍රහ අසා ගන්නා ජාතියක් බවට පත්වීමට කලින් මේ ස්වයං රැකියාව නවත්වා දැමීමට පියවර ගන්නා ලෙස අදාළ අංශයන්ගෙන් මේ තීරුව ඉල්ලා සිටින්නේය.