කෑගල්ල, ගලිගමුව නැව්ගල භික්ෂුණී ආශ්‍රම මූලස්ථාන මංගල උපෝසථාගාරයේ දී ජාත්‍යන්තර සාමණේර භික්ෂුණීන් උපසම්පදා මහෝත්සවය අද (18) සිදු කරන බව නැව්ගල සංඝමිත්තා ආරාමය ඇතුළු ශාඛා ආරාමාධිපතිනී හා ඇල්පිටිය සුනන්දාරාමාධිපතිනී රිදීතොටුවේ අභිනන්දා මෙහෙණින් වහන්සේ පැවසූහ.
මෙහිදී අෙමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත ආරාමය, වරකාපොළ ලෙවන්ගම ශ්‍රී ධම්මිකාරාම උභය ආරාමාධිපතිනී අධ්‍යාපනපති පෑලියගොඩ සුදර්ශනා, නැව්ගල සංඝමිත්තා ආරාමාධිපතිනී රිදීතොටුවේ අභිනන්දා, මීරිගම ඉදිපරපේ ඛේමාරාමාධිපතිනී නැව්ගල පෝය සීමාවේ උපසම්පදා විනයකර්ම මාහාචාරිනී ශාස්ත්‍රපති තලවතුගොඩ ධම්මදීපනී, වේයන්ගොඩ ගල්ගමුව විශාඛාරාමාධිපතිනී උපසම්පදා විනයකර්මයේ මාහාචාරිනී ශාස්ත්‍රපති බඩල්ගම ධම්මනන්දනී මෙහෙණින් වහන්සේලාගේ මූලිකත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය.
මෙහිදී පහළගම ධම්මශිලා, බදුල්ලේ විමලකාන්ති, මඩවල ධම්මදස්සි, කුණ්ඩසාලේ සුභාග්‍යා, ගල්ගමුවේ ධම්මවිහාරි, රුවන්වැල්ලේ ඛෙමවිහාරිනී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙත් අරණ ආරාමයේ වැඩ සිටින දුම්බර මෙත්තා විහාරී, කුණ්ඩසාලේ ධම්මගවේෂනී, කෑගල්ලේ උපසමා, කොරියාවේ ධම්ම සෝබා සහ වියට්නාමේ සාන්ත ඤානා භික්ෂුණීන් වහන්සේලා එකොළොස් නම අභිනවයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය.
බළන්ගොඩ ශ්‍රී ධම්මානන්ද පිරිවෙන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩ බලන උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන් ප්රමුඛ ගරුතර මහා සංඝරත්නය වැඩම කිරීමෙන් පසුව අභිනව උපසම්පදා ශීලයෙහි පිහිටවූ භික්ෂුණීන් වහන්සේලා පිළිගැනීමේ උත්සවය සවස 2.00ට ගලිගමුව, නැව්ගල ආරාම මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්