Home » තාත්තේ මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා ගෙදර බඩුත් අරන් මම එයා එක්ක යනවා

තාත්තේ මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා ගෙදර බඩුත් අරන් මම එයා එක්ක යනවා

-ලිපියක් ලියා තබා පුතා මුළු ගෙදරම සුද්ද කරගෙන ගිහින්

by sachintha
June 18, 2024 1:03 am 0 comment

තමා නිවසේ නොසිටි අවස්ථාවක තමාගේ නිවසේ තිබු අල්මාරි, ඇඳ, පුටු ඇතුළු සියලුම බඩු අතුරුදන්ව ඇතැයි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර පරීක්ෂණ පවත්වන අතර පැමිණිලිකරුගේ පුතා විසින් ලියන ලද ලිපියක් එම නි‍ෙවසේ තිබී පොලිසියට හමුවී තිබේ.

“තාත්තේ මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මෙහේ තියෙන බඩු මම අරන් යනවා” එම ලිපියේ සඳහන්ව ඇත.

මෙම පුතා විවාහකයෙකු වන අතර එම විවාහය කැඩී තනිකඩවම සිටි අයෙකි. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක කොණ්ඩය කැපීමේ නිරතව සිටින අයෙකි. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සොරාගෙන ගොස් තිබූ භාණ්ඩ සියල්ලම පාහේ සොයාගෙන ඇත. ලක්ෂ 10කට වැඩි වටිනාකමින් යුත් එම භාණ්ඩ වලින් කොටසක් රුපියල් හතළිස් දහසකට විකුණා තිබිය දී ඒවාද සොයාගෙන තිබේ.

එක් විදුලිපංකාවක් ඔහු වැඩ කරන බාබර් සාප්පුවට විකුණා තිබියදී හමුවී ඇත.

එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරි කොට අනෙකුත් භාණ්ඩ සියල්ලම ඔහු විසින් ලොරියක පටවාගෙන ගොස් තිබුණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින 31 හැවිරිදි මෙම පුත්‍රයා සිය පියා ද රවටා මෙම සොරකම සිදු කර ඇති බව දැන් අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වැල්ලම්පිටිය – එස්. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT