Home » සිතුල්පව්ව රජමහා විහාරයේ පොසොන් පූජෝත්සවය 20,21,22 දිනවලදී

සිතුල්පව්ව රජමහා විහාරයේ පොසොන් පූජෝත්සවය 20,21,22 දිනවලදී

by sachintha
June 18, 2024 1:07 am 0 comment

දකුණු ලක පින්බිම ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ මෙවර පොසොන් පූජෝත්සවය සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිකාරී ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිදුකිරීමට සියලු කටයුතු සංවිධාන කර තිබේ. මෙවර පොසොන් පූජෝත්සවය 20,21,22 තෙදින පුරා සිදු කිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබේ.ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ ධම්මික ආටිගල මහතාගේ මෙහෙයවීම මත සිදු කෙරේ. වන්දනාවේ එන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව විහාරස්ථ දායක සභාව පවසයි.සිල් සමාදන් වන පින්වතුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම පොසොන් පෝ දින දවස පුරා ධර්ම දේශනා,බුද්ධ පූජා,භාවනා පින්කම් රැසකි.ආලෝක පූජාව විවෘත කිරීම සවස 5.00ට සිදු කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT