Home » දිවිපිදූ අභීත ගුවන්විරුවන් අනුස්මරණ උත්සවය ඒකල කඳවුරු පරිශ්‍රයේදී

දිවිපිදූ අභීත ගුවන්විරුවන් අනුස්මරණ උත්සවය ඒකල කඳවුරු පරිශ්‍රයේදී

by sachintha
June 18, 2024 1:10 am 0 comment

මාතෘභූමියේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පවත්වන ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. මේ රණවිරු සැමරුමට සමගාමීව සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා සපිරිකර සංඝගත දක්ෂිණාව උදම්මිට බුද්ධසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවීමෙන් පසු සිදුකෙරිණි.ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඉනෝකා රාජපක්ෂ මහත්මිය,ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය,නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT