පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලබා දිනකට පසුව දිය නෑමට ගොස් මුහුදු රකුසාට බිලි වු නව හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් ශෝක ජනක පුවතක් මීගමුවෙන් වාර්තා වෙයි.
අවුරුදු නමයක් වන මේ දැරිය වැල්ල වීදිය සාන්ත සෙබස්තියන් විදුහලේ හතරවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඉකුත් 15 වැනි දින පැවති උත්සවයේදී ඇය පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලබා ඇත. ඇයගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මීගමු නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ දී ඊයේ (17)පැවැත්විණි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 50,පෝරතට කොච්චිකඩේ පදිංචි දොන් ෂෙනෝමි අක්ෂා යන දැරියයි.කතෝලික දරුවන් ජීවිතයේ ලබන ඉතාමත් වාසනාවන්ත මොහොතක් වන සත්ප්‍රසාද ලැබීම උත්සව අවස්ථාවක් ද වෙයි. ඉකුත් 16දා මේ උත්සව අවස්ථාවට ඇයගේ නිවසට ඥාතීන් ද පැමිණියහ. බාප්පා සමඟ පිහිනුම් තටාකයකට මේ දැරිය ඇතුළු කුඩා දරුවන් කීප දෙනෙකු දිය නෑමට යෑමට කතා කරගත් බව මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලදී අනාවරණය විය.පිහිනුම් තටාකයේ වැඩි දෙනෙක් දිය නෑමට සිටි නිසා ඉඩ ලබා ගැනීමේ ප්‍රශ්නයක් තිබූ බැවින් බාප්පා මේ කුඩා දරුවන්ද රැගෙන කොච්චිකඩේ මුහුදු තීරයේ මෝයකට ප්‍රදේශයට දිය නෑමට ගිය බව දැරියගේ පියා වන ධනුෂ්ක නිර්මාල් යන අය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා තිබේ.
මෝයකට ප්‍රදේශයේ දිය නෑමට තෝරා ගත් ස්ථානය ගැඹුරදැයි සොයා බැලීමට බාප්පා එම මුහුදු සීමාවට බැස ඇතැයි කියයි. ඒ මොහොතේ මේ දැරිය සමඟ දිය නෑමට පැමිණ සිටි අනෙක් ළමයි ඔහුගේ අත්වල සහ සිරුරේ එල්ලීමට පටන් ගෙන තිබේ. මේ මොහොතේ ජීවිතක්ෂයට පත් වූ දැරිය සහ තවත් දැරියන් කීපදෙනෙකු එම වතුරට වැටී තිබේ. බාප්පා විසින් සෙසු දරුවන් ගොඩට ගත්තද මේ දැරිය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය. මෙම දැරියගේ මළ සිරුර ඊයේ (17) පෙරවරු 8.45ට පමණ ලී කොටයක් අතරේ තිබී සොයා ගත් බව කොච්චිකඩේ පොලිසිය කියයි.
මේ මරණය පිළිබඳව මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙස මීගමු නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජන්ත වික්‍රමරත්න මහතා කොච්චිකඩේ පොලිසියට නියම කළේය.කොච්චිකඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඩී.මිහිඳුකුල කොච්චිකඩේ