හජ් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන ඊයේ (17) කොළ පාටින් වර්ණවත් වී තිබූ අයුරු. ඡායාරූපය- සුලෝචන ගමගේ
“සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය“ මගින් මෙහෙයවනු ලබන භාවනාමය සීල සමාදාන වැඩසටහන පොසොන් පොහෝදා (21) විහාරමහා දේවි උද්‍යානයේදී දවස පුරා පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.ඒ අනුව එදින උදෑසන 6.15 සිට 8.30 දක්වා විචිත්‍ර ධර්ම කථික රාජගිරියේ ආරියඥාන ස්වාමීන් වහන්සේ මෙහෙයවන දහම් දේශනයක් පැවත්වේ. උදෑසන 9.30 සිට 10.30 දක්වා කැලණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ බුද්ධරත්න ස්වාමීන් වහන්සේ මෙහෙයවන සදහම් දේශනයක් පැවැත්වේ. දහවල් 1 සිට 2.30 දක්වා ප්‍රවීණ කථිකාචාර්ය ගයාන් චානුක විදාන පතිරණ මහතා මෙහෙයවන සදහම් දේශනයක්ද, සවස 2.30 සිට 5.30 දක්වා රාජගිරියේ ආරියඥාන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සදහම් දේශනයක්ද පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගි වන සැදැහැවතුන් වෙනුවෙන් නොමිලේ ධානය හා ගිලන්පස සපයනු ලැබේ.