155
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැඹිලි අපනයන ගම්මාන තුනක් සංවර්ධනය කෙරේ. මේ අනුව කාලයක් තිස්සේ සාමාන්‍ය වශයෙන් තැඹිලි වගාව සිදුකරන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් දහ අමුණ, මුරුතවෙල, සහ රළුව යන ගම්මාන තැඹිලි අපනයන ගම්මාන ලෙස සංවර්ධනය කෙරෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් නිලධාරි එස්.වයි. සුසන්ත මහතා ÒදිනමිණÓට පැවැසීය.
මෙම ගම්මානවල මෙවර කන්නයේ වගාව සඳහා තැඹිලි පැළ 4500ක් ගොවීන්ට නොමිලයේ ලබා දී ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ යෝජනාවක් පරිදි Òතැඹිලි අපනයන ගම්මානÓ ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සූරියවැව සමූහ පරාක්‍රම ගුණසේකර