139
යාපනයේ අල්ලපිඩ්ඩි මුහුදු වෙරළේ සඟවා තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18ක් සමඟ එක් සැකකරුවකු ඌර්කාවතුරේ පොලිසිය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ එම කේරළ ගංජා තොගය තමන්ට අයත් නොවන බවත් ඒවා වෙන අයකු විසින් එම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවත්ය. මුහුදු වෙරළට තමන් නිතරම පැමිණෙන අතර එදින පැමිණ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා තිබේ. සැකකරු හා කේරළ ගංජා තොගය ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඌර්කාවතුරේ පොලිසිය පියවර ගෙන ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ