Sunday, May 11, 2025
Home » පණිවුඩ යන්ත්‍රයක් සැඟවූ අද්භූත පෙට්ටියක් යාපනය වෙරළේ

පණිවුඩ යන්ත්‍රයක් සැඟවූ අද්භූත පෙට්ටියක් යාපනය වෙරළේ

by sachintha
June 18, 2024 1:20 am 0 comment

යාපනයේ ඌර්කාවතුරේ අනලතිව් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් මුහුදේ පාවී පැමිණි අරුම පුදුම අද්භූත පෙට්ටියක් පෙරේදා (16) සොයා ගෙන තිබේ. මුහුදේ පාවෙමින් තිබූ මෙම පෙට්ටිය ගැන ඌර්කාවතුරේ පොලිසියට ධීවරයින් විසින් තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම පෙට්ටිය මුහුදෙන් ගොඩට ගෙන තිබේ. ධීවරයින් හා පොලිසිය විසින් එම පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම පෙට්ටිය තුළ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් සඟවා ඇති බවයි. එම පණිවුඩ හුවමාරු යන්ත්‍රය මේ රටට අයත් එකක් නොවන බවද හෙළි වී තිබේ.

එම පණිවුඩ හුවමාරු යන්ත්‍රය විශාල පෙට්ටියක් තුළ සඟවා තැබුවේ මන්ද යන ප්‍රශ්නය පොලිසියටද තේරුම් ගත නොහැකිව ඇත. ඌර්කාවතුරේ පොලිසිය මෙම අද්භූත වස්තුව සම්බන්ධයෙන් ඌර්කාවතුරේ අධිකරණයට කරුණු ඉදිරිපත් කොට එම අද්භූත පෙට්ටිය පොලිසිය භාරයේ තබා ගෙන පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT