157
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ උර 19ක් කල්පිටිය දලුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ සැකකරුවන් දෙදෙනකු ද සමඟින් වයඹ නාවුක විධානයට අයත් නාවුක නෞකා තම්බපණ්ණි ආයතනය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දලුව ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑම සඳහා සූදානම් කර තිබූ මෙම ගෝණි තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම සහ මදුරන්කුලිය පදිංචි වයස අවුරුදු 41, 42 අතර අයවලුන් වෙති. ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාර දී ඇත.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා