Home » කිළිනොච්චිය ඉන්ධන පිරවුම් හලේදී යතුරු පැදියක් හදිසියේ ගිනි ගනී

කිළිනොච්චිය ඉන්ධන පිරවුම් හලේදී යතුරු පැදියක් හදිසියේ ගිනි ගනී

by sachintha
June 18, 2024 1:22 am 0 comment

කිළිනොච්චිය නගරයේ ඉන්ධන පිරවුම් හලකින් යතුරු පැදියකට ඉන්ධන සපයමින් සිටියදී හදිසියේම එම යතුරු පැදිය පෙරේදා (16) ගිනි ගෙන තිබේ. යතුරුපැදිය ගිනි ගැනීමත් සමඟම යතුරුපැදිය මත සිටි පුද්ගලයාත් ඉන්ධන සපයමින් සිටි පුද්ගලයාත් ඒ වන විට ඉන්ධන පිරවුම්හල අසල සිටි සෙනගත් වහාම එම ස්ථානයෙන් ඉවතට දිව ගොස් තිබේ.

වහාම ක්‍රියාත්මක වූ සේවකයකු ගිනි නිවන උපකරණයක අධාරයෙන් ගින්න මැඬ පවත්වා නිවා දමා තිබේ.

මේ නිසා සිදුවන්නට ගිය විශාල හානියක් වැළකී ගොස් තිබේ. කිළිනොච්චිය පොලිසිය මෙම ගින්න හට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT