Home » මිනිස් ජාවාරම ගැන වාර්තාකරණයට මාධ්‍යවේදීන් දැනුවත් කරයි

මිනිස් ජාවාරම ගැන වාර්තාකරණයට මාධ්‍යවේදීන් දැනුවත් කරයි

by sachintha
June 19, 2024 2:48 am 0 comment

මිනිස් ජාවාරම සහ තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධව වගකීමෙන් යුතුව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පියවර ගෙන තිබේ.

මෙලෙස මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධාන කළ දෙදින වැඩමුළුවක් කොළඹ දී පැවැත්විණි.

“මිනිස් ජාවාරම් සිද්ධීන් පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීම” යන මැයෙන් මෙම දෙදින පුහුණු වැඩමුළුව පැවැති අතර එහිදී මිනිස් ජාවාරම සහ තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධයෙන් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ විශේෂඥයෝ දේශන පැවැත්වූහ.

මිනිස් ජාවාරම් පිළිබඳ සිද්ධීන් ඵලදායී ලෙස හඳුනා ගැනීම මෙන්ම එවැනි සිද්ධීන් සදාචාරාත්මකව සහ වගකීමෙන් වාර්තා කිරීම පිළිබඳ මාධ්‍යවේදීන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම සහ දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මාධ්‍ය වේදිකාවල සිද්ධීන් හඳුනා ගැනීම, යොමු කිරීම, සදාචාරාත්මක සහ වගකීමෙන් යුතුව වාර්තා කිරීම සම්බන්ධයෙන් වින්දිතයන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් ඇතුළු පුළුල් මාතෘකා රැසක් මෙම පුහුණුව මගින් ආවරණය කෙරුණු අතර ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය (NAHTTF) නියෝජනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයකු ද මෙහි දී දේශන පැවැත්වීය.

මාධ්‍ය වාර්තාකරණයේදී ජාවාරම් සිද්ධීන් සම්බන්ධ නිවැරදි හා නිවැරදි පාරිභාෂික වචන භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ ද මෙම පුහුණුව මගින් අවාධාරණය කර තිබෙන අතර මෙවැනි පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන මාධ්‍යවේදීන් iomcolombo@iom.int වෙත සම්බන්ධ විය හැකි බව ද සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT