Sunday, May 11, 2025
Home » ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී කෝටි ලක්ෂයකට අධික බදු සහන දී තිබෙනවා

ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී කෝටි ලක්ෂයකට අධික බදු සහන දී තිබෙනවා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
June 19, 2024 2:57 am 0 comment

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

එම ව්‍යාපාරිකයන්ට එලෙස බදු සහන ලබා දුන්නේ කුමන පදනමකින්ද යන වග පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. විපක්ෂය බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තදබල වැඩසටහනකට සහය දීමට සූදානම්.

එලෙස ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාව වෙත බදු පනවා රුපියල් කෝටි 60000ක බදු ආදායමක් රජය බලාපොරොත්තු වෙනවා. විපක්ෂ නායකවරයා – ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාවට අලුතින් බදු පැනවීමට අවශ්‍ය වන්නේ නැහැ.

මේ අතර කෝටි එක් ලක්ෂ විසි දහසක් බදු ගෙවීම් පැහැර හැර ඇති අතර බදු නිසි පරිදි ගෙවීම බදු ගෙවීම් පැහැර හැරීම සහ බදු සහන ලබා දීම් නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම් ජනතාව වෙත බදු සුනාමියක් පැනවීමට අවශ්‍යතාවක් නැහැ. රුපියල් කෝටිය ඉක්මවූ බදු ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4200ක් බවත් අරක්කු නිෂ්පාදනයෙහි නිරත ව්‍යාපාරිකයන් 05දෙනෙකු බදු ගෙවීම් පැහැර හැර ඇති ප්‍රමාණය රුපියල් කෝටි 700ක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT