නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ 2024 – 2025 වර්ෂයන් සඳහා අභිනවයෙන් තේරී පත්වූ ප්‍රාථමික හා ජ්‍යෙෂ්ඨ අංශයන්හි ශිෂ්‍ය නායකයින් 110ක් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා විදුහල් ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී විශේෂ ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයින් ලෙස සිතිල ආකර්ෂක ශිෂ්‍යයා ද, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ලෙස හෂින් ගෞරව, මොවිදු කිත්මන ශිෂ්‍යයන් ද නිල ලාංඡන පැලඳි අතර එම අවස්ථාවට සර්ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් රොහාන් මේනකසිංහ, පාසලේ වත්මන් අදියුරු පියතුමන් වන ලක්මිණ ප්‍රසංග සිල්වා පියතුමා, උප විදුහල්පති නදීක මංචනායක පියතුමන්, නුගේගොඩ ශාන්ත ජෝසප් දේවස්ථානයේ මීසම් පාලක ට්‍රැවිස් ගේබ්බ්රියල් පියතුමා, ප්‍රියන්ති ජයතුංග කන්‍යා සොහොයුරිය ඇතුළු ශිෂ්‍ය නායක කණ්ඩායම භාර කුෂාණි ධනංජය, කනිෂ්ක සත්‍යජින්, දර්ශාන් රූපසිංහ යන ගුරු මණ්ඩලය සහභාගි වී සිටියහ.
ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස සිතිල ආකර්ෂක සිසුවා හට පාසලේ වත්මන් අදියුරු ලක්මිණ ප්‍රසංග සිල්වා පියතුමන් විසින් නිල ලාංඡන පැලඳවූ අයුරු හා ආරාධිත පිරිස සහභාගි වී සිටි අයුරු.
දෙහිවල – ඩී.පී. හේරත්