අවිස්සාවේල්ල දිසාවේ බාලදක්ෂ කාණ්ඩ නායකයින් 84 දෙනකු සඳහා පුහුණු කඳවුරක් පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් සුධර්මා මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම පුහුණු කඳවුරට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය, දැරණියගල දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලය, දැරණියගල සිරිසුමන ජාතික පාසල, කදිරේෂන් මහා විද්‍යාලය, යෝගම විද්‍යාලය, කිතලංගමුව කනිෂ්ඨ විද්‍යාලය, සිරිවර්ධන මහා විද්‍යාලය, කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය, සහ සීතාවක බාලදක්ෂ විවෘත සමූහයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සහභාගි වූ අතර ඔවුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප, වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අවිස්සාවේල්ල දිසා කොමසාරිස් සුධර්මා මැණිකේ, සහකාර දිසා කොමසාරිස්වරුන් වන මානෙල් සිල්වා, මාලින්ද කුමාරතුංග, ගංගා ශ්‍යමලී, සිරිනි චන්දිමා, කේ. ඩබ්ලිව්. කේ. ඩී. කරවිට, බාලදක්ෂ විධායක සභාවේ සභාපති කේ. පී. යසපාල යන මහත්ම මහත්මීහු ද, වැඩසටහනට සහභාගි වූ විදුහල්වල බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීහු ද, හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනාගත් බාලදක්ෂ දරුවන් ද, සහභාගි වූ විදුහල්වල බාලදක්ෂ බාලක බාලිකාවෝ ද සහභාගි වූහ.
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ