Thursday, May 15, 2025
Home » ලංකාවේ ව්‍යප්තවන ලොකුම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩපිළවෙල මෙන්න

ලංකාවේ ව්‍යප්තවන ලොකුම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩපිළවෙල මෙන්න

by chanaka
June 20, 2024 5:03 pm 0 comment

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන හරහා ගල්කිස්ස, නුගේගොඩ සහ කැළණිය යන කොට්ඨාස තුනෙන් පමණක් මේ වන විට එක්දහස් පන්සීයකට ආසන්න තරුණ පිරිසක් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට සමත්ව ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

ඊළඟ අදියරේදී බස්නාහිර පළාතේ කලුතර, පානදුර, ගම්පහ සහ මීගමුවේත් සමස්ත ශ්‍රී ලංකාවේත් මධ්‍යස්ථාන 285ක් විවෘත කර එමගින්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දොළොස් දහස් පන්සියයක් පමණ තරුණ ජීවිත මුදවා ගැනීමට කටයුතු කරන බවත් මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ විශාලතම මත්ද්‍රව්‍ය පුනරුත්තාපන වැඩසටහන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් පළකලේ ඊයේ(19) කැළණිය මානෙල් වත්ත බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, “සුවසාර කැදැල්ල” වැඩසටහන හරහා බස්නාහිර උතුර ප්‍රදේශය ආවරණය වන පරිදි පුනරුත්තාපනය ලැබූවන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ “ දින 14ක පුනරුත්තාපන ක්‍රියාවලියෙන් අනතුරුව සමාජයට මුදාහැරීමෙන් පසු, නැවත වතාවක් මත්ද්‍රව්‍ය උගුරක් පාවිච්චි කිරීමට යම්කිසි පුද්ලයෙකු ඇරයුම් කලහැකි බවත් එවැනි අවස්ථාවක, මට බෑ මගේ ජීවිතය ආයෙත් සැරයක් ආපස්සට ගෙනියන්න, මට සමාජයෙන් කුඩු කාරයා කියලා ලේබලයක් ඇලෙව්වා,මගේ ගෙදර කිසිම වැරුද්දක් නොකරපු මගේ දරුවන්ට කුඩුකාරයගෙ ළමයි කියලා ලේබලයක් ඇලෙව්වා, මගේ බිරිඳට කුඩුකාරයගෙ ගෑනි කියලා මිනිස්සු අපහාස කලා , මගේ ශරීරය ලෙඩෙක් බවට පත්වුණා,නෑදෑයන්ගෙන් දෙමාපියන්ගෙන් කොන්වෙලා මුළු සමාජයටම එපා කරපු මිනිහෙක් වුණා. ඒ නිසා මම කැමති නෑ ආයෙත් එතනට යන්න මට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා පිළිතුරු දීමට හැකිනම් එය ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලධරයන්ගේ බලාපොරොත්තුව බවත් ඔබ පුද්ගලයෙකු ලෙස නිවැරදි තීරණයක සිටින කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොලීසිය ඔබව තනි නොකරන බව” ද පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT